නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එස්.එම්.සමන්ත සුමනවීර මයා

මප/නා මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය නාඋල කලාපයේ දීප්තිමත් පාසල් අතර ඉහළින්ම රැදෙන පාසලකි. අධ්‍යාපනික හා විෂය සමගාමී සියලුම අංශ වලින් නාඋල කලාපයේ සිසුන් සමග පමණක් නොව පළාත් හා ජාතික මට්ටමේ සිසුන් සමග ද තරග කිරීමේ ශක්‍යතාවයක් අපේ සිසු දරුවන් සතුය. එය අපගේ විදුහල්පතිතුමා ඇතුලු ගුරු මණ්ඩලයේ දක්ෂතාවය, කැපවීම හා උත්සාහයේ ප්‍රතිඵලයකි.

තොරතුරු තාක්ෂණය පිළිබදව ද පෙර නොවූ පෙළඹවීමක් අප සිසුන් සතුය. අප පාසල පිළිබද ලොවට කියන්නට මෙම වෙබ් අඩවි සංවර්ධනය දායක වූ සියලු පාර්ශවයන් වෙත මාගේ  කෘතවේදීත්වය දැක්වීමට කැමැත්තෙමි.අඹන මහා විද්‍යාලය දිනෙන් දින සාර්ථකත්වය කරා ළංව රටට වැඩදායී ගුණවත් පුරවැසියන් පිරිසක් දැයට බිහිකිරීමට හැකිවේවා යන්න මගේ පැතුමයි.

එස්.එම්.සමන්ත සුමනවීර මයා
නියෝජ්‍ය විදුහල්පති
මප/නා/මෙ‍ාන්ටිගොපල්ලව මහා විද්‍යාලය.