මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල අධ්‍යාපන කලාපයට අයත් මප/නා/ මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය ආරම්භ කරන්නට වූයේ අඹන මහා විද්‍යාලය යන නාමයෙනි. ඒ 1956 වසරේ මැයි 01 දිනයේ ය. ප්‍රදේශය හරහා ගලා බසින සුන්දර අඹන් ගංගාව නිසාත් ප්‍රදේශය අධන් ගගෙහිජෙලයෙන් ස්වයංපෝෂත වන නිසාත් ගමට ″අඹන” යන නාමය ලැබීමට හේතු වී ඇත.
අඹන විදුහල ආරම්භ කිරීමේ අවස්ථාවට රජාවෙල විහාරස්ථානයේ ලොකු හිමුදුරුවන් වහන්සේ වැඩම කළ අතර පාසල් මාණ්ඩලික නිළධාරි හෙට්ටිආරච්ච් මහතා සහභාලි වී ඇත.එමෙන්ම ඒ.එම්.පේදිරිස් අප්පුහාමි, ඊ.එම් කීරාල හා එස්.එම්.ටිකිරිඉංබා යන ගම් ප්‍රදේශයේ ප්‍රභූන් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.සිසු දරුවන් 18 දෙනෙකුගෙන්ප සමන්විතව කුඩා පොල්අතු මඩුවක මා/ අඹන මහා විද්‍යාලය නමින් 1956 මැයි 01 දින ආරම්භ කරන ලද මෙම විද්‍යාලයෙහි මුල්ම විදුහල්පතිවරයා වූයේ ජේ.ඩබ්ලිව්.ඩී.විජේරත්න මහතාය.1977 වර්ෂය වන විට මහා විද්‍යාලයක තත්වයට පත්වූ මෙම විද්‍යාලය එතැන් පටන් මා/ අඹන මහා විද්‍යාලය නමින් හැදින්විය.එදා සිට අද දක්වා විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කළ වූවන් සිය ගණනක් අද රටේ විවිධ තනතුරුවල වගකීම් දරමින් සිටිති.
පාසල අද වන විට වසර 67 ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන අතර මේ වන විට ජාතින මට්ටමේ විභාගවලින් විෂය සමගාමී කටයුතුවලින් විශිෂ්ට ප්‍රථිඵල ලබමින් සිටී. වර්තමානයේ පාසලේ මානව සම්පත ගුරුභවතුන් 25 ගෙන් වෙනත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 කගෙන් සහ සිසු දරුවන් 321 කගෙන් සමන්විත වී ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1956 මැයි 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
18 |
|
මුල් ගුරුතුමාගේ නම |
ටී.ඩබ්ලිව්.ඩී.විජේරත්න මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඊ.එම්.කීරාල මහතා , ඒතඑම්තපේදිරිස් අප්පුහාමි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අඹන මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
හෙට්ටිආරච්ච් මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1956 මැයි 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කුඩා පොල්අතු මඩුවක |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1956 මැයි 01 |






