නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024 අප්‍රේල් 08 වනදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

20231116_083827.png
img-20231121-wa0021.jpg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණිය යුතුය.
  • ප්‍රමාද වී පැමිණෙන  සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ආගමික වතාවත් හා නිවේදන අවසන් වන තුරු ගේට්ටුවෙන් පිටත රැදී සිටිය යුතුය.
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම සීනුවට අවනත විය යුතුය.ආගමික වතාවත් ඉටු කිරීම හා ජාතික ගීය,පාසල් ගීය ගායනය හෝ වාදනය කරන අවස්ථාවේදී පාසල තුල ඇවිදීම තහනම් වේ.
  • නිවේදන විකාශනය වන විට සියලුම වැඩ නතර කොට ඊට අවධානය යොමු කළ යුතුය.
  • ප්‍රධාන ගේට්ටුවෙන් හැර මාර්ග වලින් පාසලට පැමිණිම හෝ පිටවීම සම්පූර්ණයෙන් තහනම් වේ.
  • පාසල ආරම්භව විනාඩි 15කට පෙර තම පංති කාමරවල හා අදාළ පාසල් පරිශ්‍රයේ පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කළ යුතුය.
  • සෑම විටම තමාගේත්, ආචාර්ය මණ්ඩලයේත්, පාසලේත් කීර්තිනාමය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුය.පාසල් වේලාවෙන් පසු පාසල අසල නිකරුනේ රැදී සිටීම නොකළ යුතුය.
  • දිනපතා පාසල් පැමිණිම අනිවාර්ය වන අතර නොවැලැක්විය හැකි හේතුවක් නිසා පාසලට නොපැමිණියේ නම් පිළිගත හේතු ඇතුළත් ලිපියක් දෙමාපිය හෝ භාරකරැ විසින් ඉදිරිපත් කළ යුතුය.
  • පාසලේ නිළ ඇදුමට මාල වළලු,එල්ලෙන කරාඹු,සෙරෙප්පු පැළදිම නොකළ යුතුය.ඇහි බැම සැකසීම ,තොල් ආලේපන ,නිය ආලේපන තහනම් වන අතර පිරිමි ළමුන් රැවුල මනාව කැපිය යුතුය.
  • පාසල තුළට පොලිතීන් ගෙන ඒම සම්පූර්ණයෙන් තහනම් වේ.
  • කාලච්ඡේද මාරු වන අවස්ථාවේදී  ශිෂ්‍ය/ශිෂයාවන්ට පන්තියෙන් අනවශ්‍ය ලෙස පිටතට පැමිණිය නොහැක.